තැතිගැන්වූ ආත්මය


සාමාන්‍යයෙන් භූතයන්, අවතාර ගැන අපිට අහන්න ලැබෙන්නෙ ඈත පිටිසර ගම් වල සිද්ධ වෙන දේවල් වලින්. ඒත්  මේ සිදුවීම සිද්ධ වෙන්න්නෙ ඈත පිටිසර ගමක නම් නෙමේ. කොළඹ 07, බොහොම පොහොසත්, දෙමහල් නිසවසක.

එදා මැයි 20නිදා. නැකැත් මාසෙනෙ, මගුල් ගෙවල් වැඩියි. මෙ කතාවේ එන කථා නායිකාව වෙන්නේ නිෂා. 18 හැවිරිදි රූමත් තරුණියක්. එදින රාත්‍රියේ රණසිංහ යුවළ එහෙමත් නැත්නම් නිෂාගේ දෙමව්පියන් විවාහ සදයක් සඳහා පිටත්ව යනවා. නිෂාට එන්න කිව්වත් ඇය හිස කකියනවා කියලා ගෙදර ඉන්නවා

2372980

හැබැයි නිෂා ගෙදර ඉන්නෙ තනියම නෙමේ. ගේ බලාගන්න මුරකරුත් මේ නිවසෙ ඉන්නවා. නමුත් ඔහු ඉන්නෙ පහත මහලේ ගේට්ටුව අසල තියෙන ඔහුගේ මුර කුටියේ. නිෂා උඩුමහලේ තිබෙන වායුසමීකරණය කළ ඇගේ කාමරයට වෙලා රූපවාහිනිය නරඹමින් ඉන්නවා. ටිකවෙලාවක් ඔහොම ඉන්නකොට ඇයට පේනවා කවුදෝ කෙනෙක් ඇයගේ කාමර අසළින් ගමන් කරනවා වගේ.

ඇය එළියට ඇවිත් බැලුවට කවුරුත් හිටියෙ නැතිනිසා ඇය ආපහු කාමරයට යනවා. යළිත් ඇය දකිනවා කවුදෝ කෙනෙක් ඇයගේ කාමර අසළින් ගමන් කරනවා වගේ. ඇය සිතුවේ ගෙදරත් කවුරුත් නැතිවෙලේ හොරෙක්වත් ඇවිත්ද දන්නෑ කියලා. ඇය රූපවහිනිය ක්‍රියා විරහිත කරලා ඇගේ කාමරයේ දොර අසලට කන්දීගෙන සිටිනවා. හොරෙක් ආවනම් අඩි ශබ්දයක් හෝ වෙනත් කිසියම් හෝ ශබ්දයක් එනවාමයි. නමුත් ඇයට කිසිම දෙයක් ඇහෙන්නට ලැබෙන්නේ නෑ. ඇය පහල ඉන්න මුරකරුට දුරකථන ඇමතුමක් දීලා කියනවා ටිකකට උඩට ඇවිත් යන්න එන්න කියලා. මුරකරු ආ පසු ඇය කියූලෙස ඔහු ගෙදර හැමතැනක්ම වගේ සෝදිසි කළත් කිසිම සලකුණක්වත් හොයාගැනීමට ලැබෙන්නේ නෑ. මුරකරු යළිත් ඔහුගේ කුටිය වෙත යන අතරේ නිෂා ඇයගේ ඇඳ මත හිඳගෙන සිදුවූ දෙය ගැන කල්පනා කරමින් සිටිනවා.

girl chased3ඇය මේ ආකාරයෙන් කල්පනා කරගෙන සිටිනවිට එකපාරටම ඇය නොසිතූ දෙයකට ඇය භිය වෙනවා. ඇයගේ කාමරයේ මේසය මත තිබූ මල් බඳුනක් කිසිම හේතුවක් නැතුව බිමට පෙරළෙනවා. ඒවන විට කාමරයේ දොර සහ ජනේල වසා තිබුන නිසා සුළඟක් වත් හමන්නට විදියක් නෑ. ඒ මල් බඳුන බිමට පෙරලුනේ, කිසියම් පුද්ගලයෙක් විසින් එය විසිකරන ආකාරයට. මේනිසා නිෂා කෑගසාගෙන කාමරයෙන් ඉවතටවිත් සාලයට එනවා. ඇය කොරිඩෝව දිගේ දුවගෙන එනවිට ඇයට ගුම් නාදයක් මෙන් ශබ්දයක් ඇසෙන්නට පටන් ගන්නවා. ඒ ශබ්දය මීමැස්සන්ගේ ගුම්නාදයට බෙහෙවින් සමානයි.  ඒත් වායුසමීකරණය කළ නිවසක මීමැස්සො කොහින්ද? ඇය දකිනවා නිවසේ පහත මහළයේ මේසයේ මත තිබෙන  ප්ලාස්ටික් මල් වලට මීමැස්සෝ එකිනෙකා ඇවිත් වහනවා. එන්න එන්නම මීමැස්සොන්ගේ වැඩිවීමක්ද ඇය දකිනවා. මේ එන මීමැස්සෝ එන්නේ කොහින්ද? ප්ලාස්ටික් මල්වලට වහන්නේ ඇයි? කලින් මල්බඳුන බිඳවැටීමයි මේකයි අතර සම්බන්ධයක් තියෙනවද? මේ ප්‍රශ්ණ රාශියම නිෂාගේ මනස අවුල් කරනවා.

ඇයට කලින් පැය කිහිපය තුළ සිද්ධ වුණ දේවල් නිසාත්, එයට බියවී කාමරයෙන් එළියට ආවිට දුටුව දේ නිසාත් ඇගේ භය දෙගුණ තෙගුණ වෙනවා. ඇය කොරිඩෝවේ සිටගෙනම මහ හයියෙන් ගෙදර මුරකරුට කතා කරනවා. මුරකරු ආ පසු ඇය සියල්ල ඔහුට කීවත්, කිසිම මීමැස්සෙක් තියා මැස්සෙක්වත් පෙනෙන්නට හිටියෙ නෑ. ඇය පුන පුනා කිව්වත් "නෑ නෑ මෙතන උන් හිටියා, උන් එකා දෙන්න එන්න එන්නම වැඩි උනා, උන් ඇවිත් මේ ප්ලාස්ටික් මල් වල වැහුවා" කියලා. එහෙම කිසිම දෙයක් මුරකරු හට පෙනෙන්නට තිබුණෙ නෑ. නිෂාට මේ පෙනෙන්නේ මායාවක්ද? නැත්නම් ඇයට මානසික රෝගයක්ද? මුරකරු කියනවා"නෝනා නිදාගන්න ටිකවෙලාවකට, මම පහලට යන්නැතුව සාලෙට වෙලා ඉන්නම්" කියලා. ඇයට ඇතිවූ නොසන්සුන් තත්වය නිසා ඇය ඇගේ මවට දුරකථන ඇමතුමක් දීල මේ විස්තර කියනවා. ඔවුන් හැකි ඉක්මණින් එන්න පොරොන්දු වුන නිසාත්, මුරකරු නිවස තුලම ඉන්න නිසාත් ඇය ටික වෙලාවකට නින්දට යනවා.

පැය බාගයක් ගතවෙනවා, ඇය අඩ නින්දේ සිටියදී ඇයට තවත් අමුත් සිදුවීමක් සිද්ධ වෙනවා. ඇයට පේනවා ඇගේ දෙමව්පියන් ඇවිත් ඇයව මුලු ගෙදරම හොයනවා. ඇගේ කාමරය තුලට ආවිට ඇය කියනවා "අම්මේ මේ ඉන්නේ මම. තාත්තේ ඔයාලට පේන්නැද්ද? මේ ඉන්නෙ මෙතන මම" නමුත් අම්මයි තාත්තයි ඇයව නිවස පුරා හොයනවා. ඇය එවේලේ දකිනවා ඇය වගේම තරුණියක් තම ඇඳමත නිදාගෙන ඉන්නවා. ඇය කෑගසාගෙනම නින්දෙන් අවදි වෙනවා.

 Ghost-Girl-horror-movies-7213893-1024-768

ඇය ඉන්පසු දකින දෙයින් ඇය අධික ලෙස භියට පත්වනවා, ඇය දකින්නේ ඇස් අදහා ගත නොහැකි දර්ශණයක්. ඇය දකිනවා තම කාමරයේ ජනේලයේ කන්ඩිය මත ඉතාමත් විරූපී වූ ස්ත්‍රීයක්, කකුල් දෙපසට දමාගෙන, තැන තැන ඉරීගිය ඇඳුමක් ඇඳගෙන, දෑත් ජනේල් රාමුවේ දෙපසට තබාගෙන, කොණ්ඩය තැනින් තැන කපාගෙන, මුහුන බිමට හරවාගෙන දෑස් වලින් පමනක් තමන් දෙස බලන් ඉන්න බවක්. ඇගේ පෙනුම ඉතාමත් භයංකාරයි. රාත්‍රී කාලයේ අඳුරු වෙලාවක, ඔබ තනිවූ මොහොතක එවැනි කෙනෙක් තමන් දිහා  ඒ ආකාරයෙන් බලන් ඉන්නා බවක් ඔබ දුටුවොත් ඔබට මොනවා හිතෙයි ද? ඇයට එම භීතිය දරා ගත නොහැකි වී ඇය සිහිසුන් වනවා. දින 3ක් රෝහලේ සිටි ඇය සති ගනනාවක් යනතුරු කතාකලේද ගොත ගසමින්.

 

රාත්‍රී කාලයේ සිදුවන මේ සිදුවීම් වල ඇත්තක් තියෙනවද? මේවා ඇත්තටම සිද්ධ වුණ දේවල්ද? හොල්මන් කියා දෙයක් තියෙනවද? මේ ප්‍රශ්ණයට තාමත් උත්තර 2ක් තියනවා. මේ ආකාරයේ තවත් සිදුවීමකින් යළිත් හමුවෙමු.

Danuka Prashan Posted By

2 comments:

  1. මේගැන මොනාහරි කියන්න තියනවනම් කෙලින්ම කියන්න..

    ReplyDelete
  2. මොකෝ උබත් මෙහෙම හැමවෙලාවෙම දකිනවද ?/ , මම ඉරිදට ක්ලාස් එකේ සුදුම සුදු හොල්මනක් නම් දකිනවා , මොකාට එනවද කියලා කියන්න බෑ ...

    ReplyDelete