Showing posts with label හින්දි බබාගේ පැටිකිරිය. Show all posts
Showing posts with label හින්දි බබාගේ පැටිකිරිය. Show all posts

ෂැම්පු බෝතලේ

common-bath-and-laundry-area_photoහින්දි බබාගේ මලකෝලමෙන් එන පළවෙනි කතාව තමයි මේක. හින්දි බබාගේ ෂැම්පු බෝතලේ.

ඔන්න ඉතින් මාස 6කින් විතර හින්දි බබා පිරිසිදු වුනොත් හොඳයි, දැන් මේ පෙරේතයෙක් වගේ හිටියා ඇති කියලා සබන් කෑල්ලකුයි, Shampoo එකයි, Face Wash එකයි,  Towel එකයි අරන් යනවා හැමෝම ස්නානය කරන මූසල  මෝහිණීගේ කුණු ඇළ ලඟට. මේ කුණු ඇළ අයිති මෝහිණී කියලා ඒ පැත්තෙ පොළියට සල්ලි දෙන මහත කොට කාලවර්ණ ගෑණු කෙනෙක්ට. මේකෙ ඉස්සර නිල්කැටේ වගේ වතුර තිබුණ ඇළක්. මේ ගෑනි කුණු දාලා දාලා අන්තිමට ඒක කුණු ඇළක් කරලා. ඒ ගෑනිව මුලිච්චි වුනොත් දවසම කැළකණ්නි වෙන නිසා හින්දි බබා ඒ ගෑණිවත් කොහොමහරි මග ඇරලා යන්න හදද්දිම..

fat-black-girl

ආ යකෝ, තෝ හෙමිහිට මාරු වෙන්න නේද හැදුවෙ. කෝ පෙරේතයො මගෙ පොළී සල්ලි??? තෝ දැන් මාස 2කින් පොළී ගෙවලා නෑ. හොඳ හිතින් අදම මට මගේ සල්ලි දීපන්. නැත්නම් සූකර බබිලාට කියලා තෝව කපනවා බලපන්. මල මූසලයා...!!
මොනාහරි කියන්න ගිහින් මේ ගෑනි මාව උස්සලා කුණු ඇළට විසික්ක කරොත් කියලා, මෝහිණීගෙන් බැනුමුත් අහගෙන හින්දි බබා මුකුත්ම නොකියා ඔළුව වනලා නාන තැනට ගියා.



ඔන්න ඉතින් උදේම කන පිරෙන්න හොඳවැයින් දෙකක් අහගෙන හිත පිරෙන්න නාගන්න කියලා. සින්දුවකුත් කියාගෙනම හින්දි බබා නිර්වස්ත්‍ර 
23වුණා.

චී..ලැජ්ජ නැති හැටි අම්මපා...! කටවහ සිරියාගෙ කතාවට බබාට කේන්ති ගියා.

ඇයි ගෑණියේ මම ඇඳුම් ගලවනකම් ඉඳලා මගේ දිහා බලලා චී කියන ඔහේනෙ  ලැජ්ජ වෙන්න ඕනෙ...

කටවහ සිරියා කටවහගෙනම බිම බලාගෙන එතැනින් ගියා. මේක ඉතින් පොදු නාන තටාකෙනෙ. ඔයවගේ දෙවල නිතරම සිද්ධ වෙනවා.

උදේ ඉඳන් සිද්ධ වුනේ බබාට කේන්ති යන දේවල්. දැන් ඉතින් බබා හින්දි සින්දුවකුත් කියාගෙනම ස්නානය කරන්න පටන් ගත්තා. ටිප ටිප බරසා පානී...පානීමෙ ආග ලගායි.....නනා හිටිය මිනිස්සු ඔක්කොම වගේ තමන්ගේ වැඩ ඉක්මන් කරන්න පටන් ගත්තා මේ ලාචෝරුව අහලා. බබාට ඉතින් img_22041_lassi-with-banta-sardar-funny-jokes-fun-with-sardar-video-fysisoft-comඒ ගායනය අතිවිශිෂ්ඨයි. බබා  සබන්  ගාලා ඉවර වුණ ගමන් ගත්ත අලුතෙන් ගෙනාව ෂැම්පු එක. අරන් හලාගත්තා ඔලුවෙයි, උරහිසෙයි, ඇඟෙයි හැමතැනම. දැන් ඉතින් ඒකෙ තියන විදියට සුමුදුව සම්භාහනය කරන්න පටන් ගත්තා. ඕක දැකපු බීඩි සුමනෙ…,

- ඇයි බං ඔය ෂම්පු තියෙන්නෙ ඔලුවෙ ගාන්න මිසක් ඇඟේ ගාන්න නෙමෙයිනෙ. උඹ ඔය මොකක්ද කරන්නෙ??

හින්දි බබා- අනේ යකෝ උඹලා ගාන තුට්ටු දෙකේ ෂම්පු නෙමෙ මේ. මේක Head & Shoulder….

හින්දි බබාගේ මලකෝලම

sardarහින්දි බබාගේ මලකෝලම. මේ මගේ බ්ලොග් එකට එන අලුත් අඩයාලමක්. මේකෙදි මම හිතන් ඉන්නෙ කට්ටියට ටිකක් හාස්‍යය දනවන්න. මේකෙ ප්‍රධාන චරිතය තමයි හින්දි බබා. බබා කිව්වට මේකට පුත්තලම් බූරුවො හතරදෙනෙක්ගේ වයස. මිනිහා40079-ranbir-kapoor-looking-like-a-sardar හින්දි චිත්‍රපටි වලට තියෙන්නෙ පුදුම කැමැත්තක්. නෑ නෑ මේ මම ගැන නෙමෙයි කියන්නෙ... හරිම බූරුවෙක්. කරොත් කරන්නෙ ගොන් වැඩක්. හින්දි බබා කරපු මෝඩ වැඩයි මෝඩ කතා ටිකකුයි තමයි මේකෙන් කියන්න යන්නෙ.  ඊලඟ පෝස්ට් එකේ ඉඳල කියවලා බලන්නකො. හැබැයි මේවා මගේ අනිත් පොස්ට් තරම් දිග නෑ.  ඒනිසා බෝරිං වෙන එකක් නෑ. හි හි..Open-mouthed smile Open-mouthed smile Open-mouthed smile