නැවතීමට සිතමුත් කිසිදා නොනවතින
නැවතුනමුත් ඒ තැන නොරැඳී සිටින
නැත මා හට කැදැල්ලක් ලොව කිසිම තැන
මා සුළඟකි දස අතටම පැතිර යන
සුළඟකි ඔබ ඒ මේ අත පාව යන
වළාකුලකි ඔබ මහ වැසි නොවස්සන
පියාසර කරයි කුරුල්ලෙකු ලෙසින
ඇරයුම් කරමි හද මැදුරට එන ලෙසින
ගසින් මිදී යන වියැළුණු කොළ අතරේ
ආත්මයත් මාගේ දස අත පැතිරේ
විවර කරමි කවුළු පියන් හද මැදුරේ
ගසාගෙන ඇවිත් මැදුරට එනු සොඳුරේ
සඳට තරුව අවැසි වුවත් ඝන අඳුරේ
හිරු ආවිට යන්නට වෙයි ඔබ හට සොඳුරේ
හිරුට අයිති නැති මා ඔබ හටයි ප්‍රියේ
එක්වෙමු සඳ තරු ලෙස මතු සංසාරේ
- දනුක ප්‍රශාන්-
- දනුක ප්‍රශාන්-
සරලයි හැබැයි ගැඹුරුයි..
ReplyDelete