Showing posts with label සිත්ගිමන් හල. Show all posts
Showing posts with label සිත්ගිමන් හල. Show all posts

අසම්මත වූ නිෂේධය නුඹ


හුදකලා වූ සිත මවිත කල 
ආදරේ මුල්පිටුව වූ ඔබ
මලානික නෙත් සිනාසෙන්නට
හේතුවක් වුණ කරුණ වූ නුඹ
හිත්පුරා සෙනෙහස පිදූ ඒ 
සොඳුරුතම ආදරය වේ නුඹ
හමුවුවත් සිත් එක්ව ඉනු බැරි 
අසම්මත වූ නිෂේධය නුඹ

වසන් කරමුත් ලොවෙන් සදහට
වසන් නොකරමි හැඟුම් ඔබ හට
දනිත් කිසිදා එක් නොවන බව
නොහරිමි අත් ඔබේ කිසිදින
ලබයි ගැරහුම් නොකල වරදට
නමුත් එමි මම ඔබ සොයාගෙන
ක්ෂිතිජයක් මෙනි බැලූ බැල්මට 
සැබෑ නොවෙනා මිරිඟුවයි ඔබ

- දනුක ප්‍රශාන් - 

සුළඟකි මා දස අතටම පැතිර යන

නැවතීමට සිතමුත් කිසිදා නොනවතින
නැවතුනමුත් ඒ තැන නොරැඳී සිටින
නැත මා හට කැදැල්ලක් ලොව කිසිම තැන
මා සුළඟකි දස අතටම පැතිර යන

සුළඟකි ඔබ ඒ මේ අත පාව යන 
වළාකුලකි ඔබ මහ වැසි නොවස්සන
පියාසර කරයි කුරුල්ලෙකු ලෙසින
ඇරයුම් කරමි හද මැදුරට එන ලෙසින

ගසින් මිදී යන වියැළුණු කොළ අතරේ
ආත්මයත් මාගේ දස අත පැතිරේ
විවර කරමි කවුළු පියන් හද මැදුරේ
ගසාගෙන ඇවිත් මැදුරට එනු සොඳුරේ

සඳට තරුව අවැසි වුවත් ඝන අඳුරේ
හිරු ආවිට යන්නට වෙයි  ඔබ හට සොඳුරේ
හිරුට අයිති නැති  මා  ඔබ හටයි ප්‍රියේ
එක්වෙමු සඳ තරු ලෙස මතු සංසාරේ

දනුක ප්‍රශාන්-


ආගන්තුක ආදරය

කවමදාකවත් ජීවිතයට නොදැකපු කෙනෙක් නොසිතූ වෙලාවක, නොසිතූ අයුරකින් ඔබට මුණගැහුනොත්? ඒ කෙනාව අමතක කරන්න බැරි තරමටම ජීවිතයට ලං වුණොත්? සදහටම තමන්ගේ කරගන්න බැරි බව දැන දැනත් ආදරය කරන්න වුණොත්? දහසක් නෙතු වලින් ඒ ආදරය වසන් කරන්න වුණොත්? කවමදාකවත් එක්විය නොහැකි නිසා වෙන්වන්න වුණොත්?

ඒ ආගන්තුක ආදරයට ඔබ ආදරය කළේ මුළු හදවතින්ම නම්, ඔය කියන මොනදේ වුණත් ඒ ආදරය, ඒ හැඟීම, ඒ ලෙන්ගතුකම හැමදාටම හදේ කොතැනක හෝ තියේවි.


වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්

ආදරයක තිබෙන යථාර්ථය තේරුම් ගන්නේ කීයෙන් කීදෙනාද. එකී යථාර්ථය තේරුම් ගත් පුද්ගලයෙක් එය සරලව පැහැදිලි කිරීමක් මෙම ගීතය මඟින්  ලබා  දීමට ශ්‍රේෂ්ඨ ගී පද රචකයෙක් වන බන්දුල නානායක්කාරවසම් සමත් වී  තිබෙනවා. විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ විරහ බර හඬින් මෙම ගීතයට පණ පෙවීම ඉතා සාර්ථකව සිදුවී ඇති අතර රෝහණ වීරසිංහයන්ගේ ආකර්ෂණීය ගී තනුවකට ගැයුනි මේ ගීතය මාගේ ලෝකයේ සදාකාලික ගීත අතුරට එකතු වීමට ගියේ මා මේ ගීතය ඇසූ සැණින්මය. අපේ පරම්පරාවත් මෙකී යථාර්ථය තේරුම් ගන්නවානම්.....

වියෝවූ පසුවයි දැනෙන්නේ Alone_Boy
ප්‍රේමයේ අභිමන්
හැඬූදා කඳුලයි දකින්නේ
සිනහවේ සරදම්

ඉවුරු දෑලේ හිඳ බැලූවිට
ගඟ හැඩයි කදිමයි
දියට වන්විට
එවන් ගඟුලම
බිහිසුණුයි චන්ඩයි

හඳක් නැතිදා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්

                                   

(♥).•*´¨`*•♥• ගීතය මෙතැනින්  •♥•*´¨`*•.(♥)•

ධනුද්දරගේ ලෝකයේ සදාකාලික ගීත

1. ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා Download

2. මුතු කුඩ ඉහලන මල් වරුසාවේ Download 

Alone Boy

3. අහස සේ ඔබ අනන්තයි Download

4. සඳ හොරෙන් හොරෙන් Download

5. ගමට කලින් හිරු Download

6. සුවඳ දෙන මල් වනේ Download

7. මේ පාලු සීත රාත්‍රියේ Download

8. රොන් සුවඳ දෙන මල් Download

9.  සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ Download

10. සඳ මිතුරී Download

 

සන්තාප මාවතේ

සන්තාප මාවතේ සංවේදනා මැදුරේcrying_and_alone-13002
සංවේගයෙන් දන්වා සිටින්…

වෙන්වීම මා ඇගෙන්...


තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ…
දැරියක් හිදී තනිවී දෙමංසලේ…
නොසැලී වැටී කදුලක් ඇගේ නෙතේ…
හඩගා කියයි නටඹුන් අතීතයේ..


සන්තාප මාවතේ....


හසරැල් මැකී පිපිමල් මුවේ ඇගේ…
සිහිලැල් සිදී හදවිල් තලේ මගේ…
සද තාරකා අදුරේ නිවී ගියේ…
ඇය මා සෙවූ සෙනෙහෙ නිමාව සේ…


සන්තාප මාවතේ...

: : : ගීතය මෙතැනින් : : :