Showing posts with label චාරිකා. Show all posts
Showing posts with label චාරිකා. Show all posts

නොඉඳුල් වූ සෙම්බුවත්ත



සංචාරකයින්ගේ ආකර්ෂණය නොඅඩුව ලැබෙන ඇල්කඩුව වැවිලි සමාගමට අයිති මාතලේ පිහිටි සෙම්බුවත්ත සංචාරක ඉසව්වට ගියපු ගමන් මතක් වෙන්නේ කසුන් කල්හාරගේ මීදුම් දුමාරයේ ගීතය. ඒකට හේතුව ඉතා පුළුල් වපසරියක වැවුණු කඳුකර තේ වතුයාය සහ ෆයිනස් කැලෑව. 

මීදුම් දුමාරයේ... 
සීත හැන්දෑ යාමේ.. 
සිහින ඇන්ද සානුවේ... 
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න.. 
කොළපාට හැළුණ ඈත නිම්නයේ..

දිනය: 
2019 මාර්තු 16

Activities:
Sightseeing, River Trekking, Photography, Hiking

Entry Ticket Price:
Rs. 200/- per head

Contact Numbers (Sembuwaththa) :
+94 66 4935 767 / +94 66 4935 768

Weather:
Cold 

Transport:
Private Car

ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක්ව පැවති කාලේ තමයි සෙම්බුවත්තේ මේ තේ වගාව අරම්භ කරලා තියෙන්නේ. ඒ දවස් වල නම් මේකේ තේ කර්මාන්තශාලවකුත් තිබිලා තියනවා. හැබැයි මීට වසර කිහිපයකට පෙර එය වසා දමලා කියලයි දැනගන්න ලැබුණේ. 


වැව් දිය පිස එන සීත සුළඟත් සමඟ අනන්තයටම ඇදී යන කඳුකර තේ වතු යාය මැදින් ඇවිද ගිහින් නිදහසේ සොබාදහම විඳින්න අවශ්‍ය කෙනෙක්ටනම් සෙම්බුවත්ත හොඳම ස්ථානයක්. 
























දනුක ප්‍රශාන්

වෙනත් ලිපි



පහන්තුඩාව - ගං ඉවුරක ආශ්වාදය


හොර්ටන් තැන්නෙන් ආරම්භ වී සමනල වැව දක්වා මනරම් සුන්දරත්වයක් රැගෙන ගලා යන ආකර්ෂණීය බෙලිහුල් ඔයේ සංචාරය ගැනයි මේ කෙටි විස්තරය.

දිනය: 
2019 මාර්තු 02 - 03

නවාතැන් පහසුකම්: 
Citrine River Residence ✯ 9/10
Location >> Click Here

Activities:
Sightseeing, River Trekking, Photography & Waterfall Seeing

Weather:
Cold 

Transport & Route:
Private Car
ජා ඇල > කඩුවෙල > අවිස්සාවේල්ල > රත්නපුර > පැල්මඩුල්ල > බලංගොඩ > බෙලිහුල් ඔය


මේ දවස් වල තියෙන අව් රශ්මිය නිසා ටිකක් සීතල වෙලා එන්න කියලා අපිගියා බෙලිහුල් ඔය පැත්තට. බෙලිහුල් ඔය ගැන නම් කට්ටියම දන්නවානේ. ඒ නිසා මේ කියන්න යන්නේ බෙලිහුල් ඔයේම තිබෙන පහන්තුඩාව ඇල්ල ගැන පොඩි විස්තරයක්. නෙත් වශී කරන දර්ශණයන් එක්ක සීතල වූ ජල ධාරාවක් රැගෙන ගලා යන බෙලිහුල් ඔය දිගේ තරමක් දුරට යනකොට අහස උසට උස් වූ අති විශාල ගිරිශිඛර දෙකක් මැදින් ගලා යන පහන්තුඩාව ඇල්ල දැකගන්න පුළුවන්. මේ ඇල්ල පහනක හැඩයකට පිහිටලා තියන නිසා පහන්තුඩාව කියලා නම් කරලා තියනව කියලයි කියන්නේ. අපිට Drone Shot එකක් ගන්න බැරි නිසා මේකේ නියම හැඩය ඡායාරූපයකට ගන්න බැරිවුණා.




 අපි නවාතැන් ගත්ත හෝටලෙන් අපිට කිව්ව විස්තර අනුව මේක පෙනුමෙන් ඉතාමත් ලස්සන වුණාට ටිකක් භයානක තැනක්. මොකද මෙතන අඩි 20ක් 30ක් විතර ගැඹුරක් තියනවාලු . හොඳටම swimming පුළුවන් කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්නම් මෙතැන නාන එකනම් අවදානම්. මොකද pool එකක් වගේ පෙනුනට මේක පතුලේ දියසුළි තියනවා කියලා කිව්වේ.


එදා වැසි දවසක් නොවෙන නිසා ඔයේ වතුර පහර ඒතරම් සැර ගතියක් පෙන්නුවේ නැහැ. ඒත් මෙතැන ටිකක් විතර භයානක තැනක්. ඒකට හේතුව බෙලිහුල් ඔයේ වතුර ක්ෂණිකව වැඩි වෙන නිසා. මෙතැන නාන්නට සුදුසු තැන් කිහිපයක් තියනවා. ඒ ඇරෙන්න වෙන තැන් වලින් නාන එකනම් ටිකක් අවදානම්. මෙතැන මීට මාසයකට කලින් තරුණයින් 3දෙනෙක් එකවර ගිලී මියගොස් තිබෙනවා. 



ලංකාවේ මේතරම් ලස්සන සුන්දර තැන් තියනවද කියලත් හිතෙනවා මේ වගේ තැන් දකිනකොට. මේ සුන්දරත්වය රැකගැනීම අපෙත් වගකීමක්. මෙවැනි තැන් නරඹන්න ආවම ඒ තැන් අපිරිසිදු කරලා යන්න නම් එපා. සොබාදහම අපට දීලා තියන දේ අපි රැකගන්න ඕන.





Day Out  එකකට හරි One Night හරි එකක් එනවනම් බෙලිහුල් ඔය එයට කියාපුම තැනක්. අපි නවාතැන් ගත් Citrine River Residencies හි සේවාව නම් ඉතාම හොඳයි. රසවත් ආහාර වගේම පිරිසිදු කාමර පහසුකම සහ වටපිටාවේ තිබෙන සුන්දරත්වය අපේ චාරිකාව ඉතාමත් සතුටුදායක එකක් වෙන්න බෙහෙවින් බලපෑවා. බෙලිහුල් ඔය යනවනම් නවතින්න හොඳම තැනක් තමයි Citrine River Residencies.










දනුක ප්‍රශාන්

වෙනත් ලිපි



උඩවලවේ සෆාරියක්


මේ පාර අපි ආවා සබරගමුව සහ ඌව පළාත් වලට මායිම්ව පිහිටලා තියෙන උඩවලව ජාතික වනෝද්‍යානයේ සෆාරියකට. මේ ඒ ගමනේ සුළු විස්තර කිහිපයක් හා සුන්දර මතකයන් කිහිපයක් .

Date: 
2019 Feb 02nd - 03rd (One Night Stay)

Accommodation: 
Safari Village Hotel ( උඩවලව ) ✯ 8/10
Location : Click Here

Activities:
Safari, Bike Tours, Photography, Swimming

Weather:
Sunny & Cloudy 

Transport & Route:
Private Van
කඩුවෙල > හංවැල්ල > අවිස්සාවේල්ල > රත්නපුර > උඩවලව

ශ්‍රී ලංකවේ විශාලතම සත්ව අභය භූමින්ගෙන් එකක් වන උඩවලව 1972 වසරේ තමයි ජාතික වනෝද්‍යානයක් බවට පත්කරලා තියෙන්නේ. විවිධාකාරයේ වනජීවින් බහුලව ගැවෙසෙන හෙයින් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන අතරින් මෙය ප්‍රධාන තැනක් ගනියි.


රු.3500 - රු.4000 වැනි මුදලකට Safari ජීප් රථ වනෝද්‍යානයේ ප්‍රධාන දොරටුව අසලින් ඕනෑම කෙනෙකුට ලබා ගැනීමේ හැකියාවක් තියනවා. ඒ වගේම ඔබ නවාතැන් ගන්න ස්ථානයෙන් වුවද (බොහෝ අවස්ථාවල) මෙම ජිප් රථ පහසුකම සලසා ගන්න පුළුවන්. Park එකට ඇතුල්වෙන්න එක් අයෙකුට රු.250 ටිකට් පතක් ගන්න සිදුවෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ පෙර අවසරයක් ලබාගෙන උද්‍යානය ඇතුලේ කඳවුරු බඳිනවානම් ඒ සඳහා ද ස්ථානයක් වෙන් කර ගැනීමේ හැකියාවක් තියනවා.

















දනුක ප්‍රශාන්

Photo Credit: RushanNipunaPhotography