වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්


ආදරයක තිබෙන යථාර්ථය තේරුම් ගන්නේ කීයෙන් කීදෙනාද. එකී යථාර්ථය තේරුම් ගත් පුද්ගලයෙක් එය සරලව පැහැදිලි කිරීමක් මෙම ගීතය මඟින්  ලබා  දීමට ශ්‍රේෂ්ඨ ගී පද රචකයෙක් වන බන්දුල නානායක්කාරවසම් සමත් වී  තිබෙනවා. විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ විරහ බර හඬින් මෙම ගීතයට පණ පෙවීම ඉතා සාර්ථකව සිදුවී ඇති අතර රෝහණ වීරසිංහයන්ගේ ආකර්ෂණීය ගී තනුවකට ගැයුනි මේ ගීතය මාගේ ලෝකයේ සදාකාලික ගීත අතුරට එකතු වීමට ගියේ මා මේ ගීතය ඇසූ සැණින්මය. අපේ පරම්පරාවත් මෙකී යථාර්ථය තේරුම් ගන්නවානම්.....

වියෝවූ පසුවයි දැනෙන්නේ Alone_Boy
ප්‍රේමයේ අභිමන්
හැඬූදා කඳුලයි දකින්නේ
සිනහවේ සරදම්

ඉවුරු දෑලේ හිඳ බැලූවිට
ගඟ හැඩයි කදිමයි
දියට වන්විට
එවන් ගඟුලම
බිහිසුණුයි චන්ඩයි

හඳක් නැතිදා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්

                                   

(♥).•*´¨`*•♥• ගීතය මෙතැනින්  •♥•*´¨`*•.(♥)•

Danuka Prashan Posted By

2 comments:

  1. yes, this is a very nice song

    -AK47

    ReplyDelete
  2. හඳක් නැතිදා අහස් තලයට
    තරුව දෙයි සැනසුම්
    පුන් පොහෝදා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්.....

    මේ තේරුමට සමාන තව සින්දුවක් තියෙනවා

    මලක් නැති ගසක් වී හුදකලා වූ නුඹට
    එකම එක මලක් වී සුවඳ දුන්නෙමි කලක
    වසන්තය අතු පුරා අලුත් මල් ගෙනෙන විට
    සිනා සෙනු මන එදින මට නොවේ මගේ සිතට.....

    එත් මේක කියන්නේ කව්ද කියල නම් මතක නෑ
    නෙරංජලා සරෝජිනී වෙන්න ඕනා මං හිතන්නේ

    ReplyDelete