ආදරයක තිබෙන යථාර්ථය තේරුම් ගන්නේ කීයෙන් කීදෙනාද. එකී යථාර්ථය තේරුම් ගත් පුද්ගලයෙක් එය සරලව පැහැදිලි කිරීමක් මෙම ගීතය මඟින් ලබා දීමට ශ්‍රේෂ්ඨ ගී පද රචකයෙක් වන බන්දුල නානායක්කාරවසම් සමත් වී තිබෙනවා. විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ විරහ බර හඬින් මෙම ගීතයට පණ පෙවීම ඉතා සාර්ථකව සිදුවී ඇති අතර රෝහණ වීරසිංහයන්ගේ ආකර්ෂණීය ගී තනුවකට ගැයුනි මේ ගීතය මාගේ ලෝකයේ සදාකාලික ගීත අතුරට එකතු වීමට ගියේ මා මේ ගීතය ඇසූ සැණින්මය. අපේ පරම්පරාවත් මෙකී යථාර්ථය තේරුම් ගන්නවානම්.....
වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූදා කඳුලයි දකින්නේ
සිනහවේ සරදම්
ඉවුරු දෑලේ හිඳ බැලූවිට
ගඟ හැඩයි කදිමයි
දියට වන්විට
එවන් ගඟුලම
බිහිසුණුයි චන්ඩයි
හඳක් නැතිදා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්
(♥).•*´¨`*•♥• ගීතය මෙතැනින් •♥•*´¨`*•.(♥)•
1 කියන කතා:
-AK47
Post a Comment