පහන්තුඩාව - ගං ඉවුරක ආශ්වාදය



හොර්ටන් තැන්නෙන් ආරම්භ වී සමනල වැව දක්වා මනරම් සුන්දරත්වයක් රැගෙන ගලා යන ආකර්ෂණීය බෙලිහුල් ඔයේ සංචාරය ගැනයි මේ කෙටි විස්තරය.

දිනය: 
2019 මාර්තු 02 - 03

නවාතැන් පහසුකම්: 
Citrine River Residence ✯ 9/10
Location >> Click Here

Activities:
Sightseeing, River Trekking, Photography & Waterfall Seeing

Weather:
Cold 

Transport & Route:
Private Car
ජා ඇල > කඩුවෙල > අවිස්සාවේල්ල > රත්නපුර > පැල්මඩුල්ල > බලංගොඩ > බෙලිහුල් ඔය


මේ දවස් වල තියෙන අව් රශ්මිය නිසා ටිකක් සීතල වෙලා එන්න කියලා අපිගියා බෙලිහුල් ඔය පැත්තට. බෙලිහුල් ඔය ගැන නම් කට්ටියම දන්නවානේ. ඒ නිසා මේ කියන්න යන්නේ බෙලිහුල් ඔයේම තිබෙන පහන්තුඩාව ඇල්ල ගැන පොඩි විස්තරයක්. නෙත් වශී කරන දර්ශණයන් එක්ක සීතල වූ ජල ධාරාවක් රැගෙන ගලා යන බෙලිහුල් ඔය දිගේ තරමක් දුරට යනකොට අහස උසට උස් වූ අති විශාල ගිරිශිඛර දෙකක් මැදින් ගලා යන පහන්තුඩාව ඇල්ල දැකගන්න පුළුවන්. මේ ඇල්ල පහනක හැඩයකට පිහිටලා තියන නිසා පහන්තුඩාව කියලා නම් කරලා තියනව කියලයි කියන්නේ. අපිට Drone Shot එකක් ගන්න බැරි නිසා මේකේ නියම හැඩය ඡායාරූපයකට ගන්න බැරිවුණා.




 අපි නවාතැන් ගත්ත හෝටලෙන් අපිට කිව්ව විස්තර අනුව මේක පෙනුමෙන් ඉතාමත් ලස්සන වුණාට ටිකක් භයානක තැනක්. මොකද මෙතන අඩි 20ක් 30ක් විතර ගැඹුරක් තියනවාලු . හොඳටම swimming පුළුවන් කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්නම් මෙතැන නාන එකනම් අවදානම්. මොකද pool එකක් වගේ පෙනුනට මේක පතුලේ දියසුළි තියනවා කියලා කිව්වේ.


එදා වැසි දවසක් නොවෙන නිසා ඔයේ වතුර පහර ඒතරම් සැර ගතියක් පෙන්නුවේ නැහැ. ඒත් මෙතැන ටිකක් විතර භයානක තැනක්. ඒකට හේතුව බෙලිහුල් ඔයේ වතුර ක්ෂණිකව වැඩි වෙන නිසා. මෙතැන නාන්නට සුදුසු තැන් කිහිපයක් තියනවා. ඒ ඇරෙන්න වෙන තැන් වලින් නාන එකනම් ටිකක් අවදානම්. මෙතැන මීට මාසයකට කලින් තරුණයින් 3දෙනෙක් එකවර ගිලී මියගොස් තිබෙනවා. 



ලංකාවේ මේතරම් ලස්සන සුන්දර තැන් තියනවද කියලත් හිතෙනවා මේ වගේ තැන් දකිනකොට. මේ සුන්දරත්වය රැකගැනීම අපෙත් වගකීමක්. මෙවැනි තැන් නරඹන්න ආවම ඒ තැන් අපිරිසිදු කරලා යන්න නම් එපා. සොබාදහම අපට දීලා තියන දේ අපි රැකගන්න ඕන.





Day Out  එකකට හරි One Night හරි එකක් එනවනම් බෙලිහුල් ඔය එයට කියාපුම තැනක්. අපි නවාතැන් ගත් Citrine River Residencies හි සේවාව නම් ඉතාම හොඳයි. රසවත් ආහාර වගේම පිරිසිදු කාමර පහසුකම සහ වටපිටාවේ තිබෙන සුන්දරත්වය අපේ චාරිකාව ඉතාමත් සතුටුදායක එකක් වෙන්න බෙහෙවින් බලපෑවා. බෙලිහුල් ඔය යනවනම් නවතින්න හොඳම තැනක් තමයි Citrine River Residencies.










දනුක ප්‍රශාන්

වෙනත් ලිපි



Danuka Prashan Posted By

No comments:

Post a Comment