හොල්මන් සහ අවතාර


හොල්මන් අවතාර අපේ ඔලුවට ඇතුල් වෙන්නෙ කුඩා කාලයේදිමයි. ඒ සමහර විට චිත්‍රපටි මගින්, කටකථා මගින්, ගෙදර අයගෙන්, යාලුවන්ගෙන්. කොහොම උනත් කවුරුත් මේ Ghost By mrmගැන කථා අහන්න තියෙන්නෙ පුදුම කැමත්තක්නෙ. සමහර අය හොල්මන් අවතාර දැකල තියනව කියල කියනවනෙ. විද්‍යාත්මකව නම් තාම මේ ගැන ඔප්පු කරලා නෑ, එයාලා කියන්නෙ ඉතින් මේවා "මණෝභ්‍රාන්ති" කියලනෙ. නමුත් මම විශ්වාස කරන විදියට මේවායේ යම් ඇත්තක් නැත්තෙම නෑ. හොල්මන් ගැන මිනිස්සුන්ගෙ හිත්වල තදින්ම තැන්පත් වෙලා තියන නිසා තමයි ඒවා ආශ්‍රිත චිත්‍රපටි, නවකතා ආදී නිර්මාණයන් විශාල වශයෙන් නිපදවන්නෙ. සමහර විට ඔබත් හොල්මන් අවතාර පිලිබදව විශ්වාස කරනව වෙන්න පුලුවන්. සමහර විටක ඔබ හොල්මන් හෝ අවතාර දැකල තියනවත් වෙන්න පුලුවන්. සමහර ස්ථාන වල අවතාර තියනව කියල අපිට අහන්න ලැබෙනව. පාලු ගෙවල්, පාලු මං මාවත්, තුන්මං හංදි,  සොහොන් පිට්ටනි, රාත්‍රී කාලයේ අඳුරු ස්ථාන වගේ තැන්වල මේ අය ගැවසෙනව කියල බොහෝ දෙනෙක් විශ්වාස කරනව. ඒ ගැන මම අහල තියන දේවල්, කියවල තියෙන දේවල් ඉදිරියේදි ලියන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මේ පිළිබදව ඔබ දරන මතය, ඔබ ලබා තිබෙන අද්දැකීම් ගැන දැනගන්නත් කැමතියි.
Danuka Prashan Posted By

1 comment:

  1. yaluwane....me swamin wahanse kiyana eka ahanna...wisheshayenma holmanta
    bayanam aniwa ahanna... :)))
    https://www.youtube.com/watch?v=Aw5WlrxLyk4

    ReplyDelete