නොඉඳුල් වූ සෙම්බුවත්ත




සංචාරකයින්ගේ ආකර්ෂණය නොඅඩුව ලැබෙන ඇල්කඩුව වැවිලි සමාගමට අයිති මාතලේ පිහිටි සෙම්බුවත්ත සංචාරක ඉසව්වට ගියපු ගමන් මතක් වෙන්නේ කසුන් කල්හාරගේ මීදුම් දුමාරයේ ගීතය. ඒකට හේතුව ඉතා පුළුල් වපසරියක වැවුණු කඳුකර තේ වතුයාය සහ ෆයිනස් කැලෑව. 

මීදුම් දුමාරයේ... 
සීත හැන්දෑ යාමේ.. 
සිහින ඇන්ද සානුවේ... 
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න.. 
කොළපාට හැළුණ ඈත නිම්නයේ..

දිනය: 
2019 මාර්තු 16

Activities:
Sightseeing, River Trekking, Photography, Hiking

Entry Ticket Price:
Rs. 200/- per head

Contact Numbers (Sembuwaththa) :
+94 66 4935 767 / +94 66 4935 768

Weather:
Cold 

Transport:
Private Car

ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක්ව පැවති කාලේ තමයි සෙම්බුවත්තේ මේ තේ වගාව අරම්භ කරලා තියෙන්නේ. ඒ දවස් වල නම් මේකේ තේ කර්මාන්තශාලවකුත් තිබිලා තියනවා. හැබැයි මීට වසර කිහිපයකට පෙර එය වසා දමලා කියලයි දැනගන්න ලැබුණේ. 


වැව් දිය පිස එන සීත සුළඟත් සමඟ අනන්තයටම ඇදී යන කඳුකර තේ වතු යාය මැදින් ඇවිද ගිහින් නිදහසේ සොබාදහම විඳින්න අවශ්‍ය කෙනෙක්ටනම් සෙම්බුවත්ත හොඳම ස්ථානයක්. 
























දනුක ප්‍රශාන්

වෙනත් ලිපි



Danuka Prashan Posted By

No comments:

Post a Comment