අසම්මත වූ නිෂේධය නුඹ



හුදකලා වූ සිත මවිත කල 
ආදරේ මුල්පිටුව වූ ඔබ
මලානික නෙත් සිනාසෙන්නට
හේතුවක් වුණ කරුණ වූ නුඹ
හිත්පුරා සෙනෙහස පිදූ ඒ 
සොඳුරුතම ආදරය වේ නුඹ
හමුවුවත් සිත් එක්ව ඉනු බැරි 
අසම්මත වූ නිෂේධය නුඹ

වසන් කරමුත් ලොවෙන් සදහට
වසන් නොකරමි හැඟුම් ඔබ හට
දනිත් කිසිදා එක් නොවන බව
නොහරිමි අත් ඔබේ කිසිදින
ලබයි ගැරහුම් නොකල වරදට
නමුත් එමි මම ඔබ සොයාගෙන
ක්ෂිතිජයක් මෙනි බැලූ බැල්මට 
සැබෑ නොවෙනා මිරිඟුවයි ඔබ

- දනුක ප්‍රශාන් - 
Danuka Prashan
Danuka Prashan Posted By

No comments:

Post a Comment