ඉදල්ගස්හින්න - මීදුමේ දවසක්



උඩරට දුම්රිය මාර්ගයේ බොහෝ දෙනෙකුගේ ප‍්‍රියතම දුම්රිය ස්ථානයක් වන ඉදල්ගස් හින්නට අපි ආවා පොඩි චාරිකාවක්. මේ ඒ ගැන විස්තර කිහිපයක්.
Date: 
2017 පෙබරවාරි 24 - 26 (One Night Stay)

Accommodation: 
Peak Rest Guest House (ඉදල්ගස්හින්න) ✯ 8/10

Activities:
Mountain Hike, Photography, Rail Hike

Weather:
Cold & Misty

Transport & Route:
Badulla Train | Train Schedule
කොළඹ කොටුව > ඉදල්ගස්හින්න 

බදුලු දුම්රිය මාර්ගයේ හමුවන සුන්දරම ස්ථානයක් ලෙස ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය හඳුන්වන්න පුළුවන්. මීදුමෙන් වටවුණු සුන්දර දසුන් තිබෙන සීතල ස්ථානයකට යන්න ඇත්නම්, නුවර එළිය, බදුල්ල, බණ්ඩාරවෙල විතරක් නෙමෙයි ඉදල්ගස්හින්නත් ඒ සඳහා හොඳම ස්ථානයක්. ඔහිය සහ හපුතලේ අතර පිහිටි ඉදල්ගස්හින්න, කොලඹ කොටුවේ සිට කිලෝමීටර් 240 ක දුරින් තමයි පිහිටලා තියෙන්නේ. 


මොහොතින් මොහොත වෙනස් වන දේශගුණයක් ඇති ස්ථානයක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්. විටෙක පැහැබරවද තවත් විටක මීදුමෙන් සම්පූර්ණයෙන්ම වැසීයන ආකාරයද අපට දැකගන්න ලැබුණා. කොළඹ කොටුවෙන් රාත්‍රී 8ට පිටත්වන රාත්‍රී තැපැල් (Night Mail) දුම්රියෙන් අලුයම 5 පමණ වන විට ඉදල්ගස්හින්නට ළඟා වෙන්න පුළුවන්. උදෑසන 5ට පමණ මෙහි තිබෙන්නේ වෙනස්ම ආකාරයේ සුන්දරත්වයක්. එය දැක ගන්න, විඳගන්න හා ජිවිතයට අලුත් සුන්දර මතකයන් එකතු කරගන්න අනිවාර්යෙන්ම මෙහි යා යුතුමයි. 


  







 දනුක ප්‍රශාන්
Danuka Prashan Posted By

4 comments:

  1. ඉදල්ගස්හින්න මාර ලස්සන place එකක්. දහ පාරක් යන්න හිතෙනවා

    ReplyDelete
  2. WooWWWWWWWWWWW Nice!!

    ReplyDelete