හූනියම් සහ අංජනම්


මේ මළවුන්ගේ අඩවියට මම කියන දෙවැනි කතාව. ඔයාලා අහලා ඇති හූනියම් ගැන. දන්නවද හූනියම් කරනවා කියන්නෙ මොකටද කියලා. මම දන්න විදියටනම් හුනියම් කරනව කියන්නෙ යම්කිසි ස්ථානයක්, හිතමුකො නිවසක් කියලා, ඒ නිවස යක්ෂයෙක්ට එහෙමත් නැත්නම් ප්‍රේතයෙක්ට භාර කරන එකට. එතැනින් පස්සෙ ඒ යක්ෂයාට හෝ ප්‍රේතයාට පුලුවන් එම ස්තානය එහෙමත් නැත්නම් ඒ නිවස තම පලනයට ගන්න. යම්කිසි ස්ථානයට අරක්ගත් භූතයෙක්, ප්‍රේතයෙක් ඉන්නවා කියලා අපි කියන්නෙ ඔන්න ඔයදේට.

අද කියන්න යන කතාවෙත් තියෙන්නෙ ඒවගේ දෙයක්. මේ සිද්ධියනම් සිද්ධ වුනේ කලින් කතාවෙ වගේ කොළඹ නෙමේ. කොළඹින් ඈත, එහෙමත් නැත්නම් ගමක කිව්වොත් හරි.මංජුල horror_houseකියන්නෙ ඉතා ධනවත්, විශාල නිවසක් සහ ඉඩමකට උරුමකම් කියන, මැදිවයසේ පුද්ගලයෙක්. මේ නිවසේ මංජුල සහ පවුලේ තවත් කිහිපදෙනෙක් ඉන්නවා. ඔහොම ඉන්නකොට එක් දවසක් මෙම පුද්ගලයාට ඇහෙනවා ගෙදර ප්‍රධාන දොරකඩ ලඟ ඉදන් කවුදෝ පිරිසක් හිනාවෙනවා වගේ ශබ්දයක්. ඒ හිනාවෙන ශබ්දයත් සමඟම වීදුරුවක් කුඩුවෙන ශබ්දයකුත් ඔහුට පැහැදිලිවම ඇහෙනවා. හරියට උත්සව වෙලාවක වගේ. මේ වෙලාව වනවිට මංජුල ඉන්නෙ ගෙදර සාලයේ. ඔහු සාල දිගේ ඇවිදගෙන ප්‍රධාන දොර අසලටම ඇවිත් දොර ඇරලා බලනවා මේ ඉන්නෙ කවුද කියලා. සමහරවිට ඒ ඔහුගේ මිතුරන් කිහිපදෙනෙක් වෙන්න ඇති කියලා ඔහු හිතුවත් දොර ඇරලා ඔහු වටපිට බැලුවත් ඔහුට කිසි දෙයක් පෙනෙන්නට තිබුනෙ නෑ. නමුත් ඔහුට මේ දැනිච්ච දෙය පිටුපස යම්කිසි දෙයක් තියනවා. ඒ මොකක්ද කියලා ඔයාලට මේක කියවගෙන යද්දි තේරෙයි.

Dangerous-Fox-fox-night-fog-forest-rocks-trees-shdows-1920x1080දින කිහිපයක් ගත වෙනවා. එක් උදෑසනක ඔහුට ඇහෙනවා බල්ලෙක් මහ හයියෙන් උඩුබුරලන ශබ්දයක්. නමුත් ඒ ඉඩමේවත් අහල පහල නිවසකවත් බල්ලන් ඇතිකරන අයවත්, බල්ලන්වත් නැති පලාතක කොහින්ද මේ ශබ්දය එන්නෙ කියලා ඔහුට සැකයක් ඇතිවෙනවා. ගම්පලාතක් නිසා මංජුලත් හූනියම්, භූතදෝෂ පිළිගන්න කෙනෙක්. ඔහුට හිතෙනවා මේක හූනියමක්ද? නැත්නම් මේ ගෙදර භූත දෝෂයක්ද කියලා. ඔහු යනවා අන්ජනමක් බලන්න.

මම කියවල සහ අහලා තියන විදියටනම් අන්ජනම් වලත් යම්කිසි ඇත්තක් තියනවා. ඔයාලට හිතෙනවා ඇති අන්ජනමෙන් ඕවා බලන්න පුලුවන්ද කියලා. ඒකට උත්තරේ ඔව් බලන්න පුලුවන්. මංජුල අංජනම්කරු හමුවෙන්නට යනවා. නමුත් ඔහු කියන දෙයින් මංජුල ටිකක් පුදුම වෙනවා. අංජනම්කරු කියනවා මේ නිවසේ දකුණු පැත්තට වෙන්න තියෙනවා ලිඳක්, ඒ ලිඳ අසල යම්කිසි දෙයක් වළලා තියෙනවා. ඒ තැන හාරන්න. එතකොට ලැබෙයි මුට්ටියක්, ඒ මුට්ටිය අරන් ආයිත් මගේ ලඟට එන්න කියලා.

අංජනම්කරු කිවූ ආකාරයට ඔවුන් එතැන හාරන්න පටන් ගන්නවා. ඔවුන්ට ලැබෙනවා කිවූ පරිදිම මුට්ටියක්. ඔවුන් ඒකත් අරන් යනවා අංජනම්කරු මුණගැහෙන්න. අංජනම්කරු විසින් ඒවේලේ ඒ killerweed01මුට්ටිය ඇරලා ඇතුලේ තියෙන දේවල් එකින් එක සියල්ලන්ගේම ඇස් ඉදිරිපිට එළියට ගන්නවා. රතු, කහ සහ සුදු පාට නූල් කැබලි, මින්ස් ඇටකැබලි, දෙහි, අඟුරු සහ තඹ තහඩුවක් ඔවුන්ට දැකගන්න ලැබෙනවා.අංජනම්කරු කියනවා මේක තමයි ගෙදර ඔයවගේ දේව්ල් සිද්ධ වෙන්න හේතුව කියලා. මංජුලගේ සිතුවිල්ල හරි. ගෙදරට හූනියමක් කරලා. ඒත් කවුද එහෙම කරන්නේ? ඇයි එහෙම කරන්නේ? ඒකටත් තියනවා හේතුවක්. ඔය මංජුල ඉන්න ඉඩමට තිබුණා ආරවුලක්. නඩුහබත් අහලා තියනවා. නමුත් ඒවලින් මංජුල ජය අරන් තියනවා. දැන් ඔබට හිතෙයි එහෙනම් අර පැරදුන අය තමයි මේක කරල ඇත්තෙ කියලා. අපි බලමු ඇත්තටම කවුද මේක කලේ කියලා.

අංජනම්කරු කියනවා මේදේ ආපහු කරපු කෙනාටම හරවලා යවන්න පුලුවන් කියලා. නමුත් මේක කලේ කවුද කියලා ඔහුට කිවීමට හැකියාවක් නෑ. මංජුලගේ නිවස සහ ඔවුන්ගේ පවුල නැති නාස්ති වෙන්න මේ කරපු දේ කරපු කෙනාටම යවන්න ඕනෙ කියන හැඟීම මංජුලට එනවා. ඔහු අංජනම්කරුට කියනවා. මේක ඒ අයටම හරවලා යවන්න කියලා.

මේ විශ්වයේ තිබෙන අමුතු ශක්තීන්, බලවේග ගැන ඔයාල මුලින්ම අහන්නේ අදනම් මේ දේවල් විශ්වාස කරන එකක් නෑ. නමුත් මේ විශ්වයේ අපිට නොපෙනෙන දේවල් කොයිතරම්නම් තියනවද.

DF1_0039_390මංජුල කිවූ ආකාරයට අංජනම්කරු මේ හූනියම ආපහු හරවලා යවලා කියනවා සතියක් ඇතිළත හැමදෙයක්ම පැහැදිලි වෙයි කියලා. කිවූ ආකාරයටම ඔවුන්ට හැමදෙයක්ම පැහැදිලිවෙනවා. දන්නවද වුනේ මොකක්ද කියලා. ඔයලා හිතුවදේ හරි. මේ හූනියම ghost_house_8_lgකරලා තියෙන්නෙ අර නඩුවෙන් පැරදිලා මේ ඉඩම මංජුලට දෙන්න වුනු කෙනාමයි. ඔහුගේ නම පියරත්න. පියරත්න ඉන්නෙත් මංජුලගේ නිවසට ආසන්නයේමයි. මංජුල අර හුනියම ආපහු හරවලා යවලා සතියක් ඇතුලත පියරත්නගේ නිවසේ එන්න එන්නම කරදර වැඩිවෙන්න පටන් ගන්නවා. ඔහුගේ දරුවකු අනතුරකට භාජනය වෙනවා, බිරිඳ ලිස්සා වැටිලා අස්ථි බිඳීමකට ලක්වෙනවා, පියරත්නගේ රැකියාව නැතිවෙනවා. හිතලා බලන්න අනුන්ට කරපු විනයක් තමන්ට හැරවිලා ආවම ඒක එන්නෙ යැව්වා වගේ දෙගුනයක් තුන්ගුණයක් විශාල වෙලා.

පියරත්නට මේ දේවල් සිද්ධ වෙනවා බලන් ඉන්න බැරි මංජුල හිතනවා, බල්ලෙක් අපිව හපා කෑවට අපි බල්ලව කන්න යන්නෑනේ කියලා. ඔහු යනවා අංජනම්කරු ලඟට මේ වෙන වැඩේ නවත්තන්න කියන්න. සාමාන්‍ය‍යෙන් හූනියමක් හරවලා යැව්වහම ඒක ආපහු නවත්තන්න බැහැ කියලා තමයි මමනම් කියවලා තියෙන්නෙ. ඒ වගේම අංජනම්කරු කියනවා දැන් මේක නතර කරන්න බෑ හැබැයි මේ සිද්ධ වෙන දේවල් අඩු වෙන්න මම සුරයක් මතුරල දෙන්නම් ඒක අරන් ගිහින් ඒ වත්තට විසි කරන්න කියලා. මංජුල ඒ කිවූ ආකාරයට ඒ සුරය අරන් ඒ වත්තට විසි කරනවා. එතනින් එහාට සිද්ධ වෙනදේ මම කියන්න අවශ්‍යය නැහැනෙ.

human-space-universe-cosmosහිතන්න..! මේ විශ්වයේ අපිට නොපෙනෙන දේවල් කොයිතරම් ප්‍රමාණයක් තියනවද. අපිට පේන ප්‍රමාණය කොපමණද. පියවි ලෝකයෙන් එහා ලෝකයක් තියනවද. හොල්මන්, අවතාර මේව මනඃකල්පිත දේවල්මද, නැතිනම් ඒවායේ ඇත්තක් තියනවද. ඒබ්‍රහම් ටී කොවුර්ගේ මතයට අනුව මේව මණෝභ්‍රාන්ති තත්වයන්ද. මුහුදට ඇල්පෙනිත්තක් දාලා ඒක උඩට ගත්තම ඇල්පෙනිත්තේ උඩ පැත්තෙ රැඳිල තියන වතුර බිඳුව තරම් ප්‍රමාණයක් තමයි අපි මේ විශ්වය ගැන දන්නෙ. මහා සාගරයක් තරම් දේවල් තියනවා අපිට දැනගන්න. තවත් මෙවැනි කතාවකින් ආයිත් මම එන්නම්.

Danuka Prashan Posted By

No comments:

Post a Comment