රහත් හිමිවරුන් - බුදුදහමේ යථාර්තය සංගීතමය ස්වරූපයෙන්


Click Here to Watch 

බුදුදහමින් අපට උගන්වන්නේ ලෝකයේ යථාර්තයයි, එනම් සත්‍ය වශයෙන් පවතින ස්වභාවයයි. මේ යථාර්තය දැකිය හැක්කේ තමාටම පමණයි. බුදුදහමේ දැක්වෙන ප්‍රතිපදාව ඒ යථාර්තය අවබෝධ කර ගැනීමේ මාර්ගයයි. 

නමුත් බුදුන්ගේ මේ දර්ශණය ආගමක් බවට පරිවර්තනය කර එයට නානාප්‍රකාර අර්ථකථන ලබාදී වෙනස්ම ආකාරයකින් සමාජගත වී තිබේ. මේ ගීතයෙන් යම්තාක් දුරකට පිළිඹිබු වෙන්නේ අන්න ඒ ෆැන්ටසි බුද්ධාගම හා රියැලිටි බුදුදහම අතර තිබෙන සංකල්පමය වෙනසයි. 

"සැප රථෙන් ඇවිත්.. අතහැරීම ගැන
දෙසුවෙ බණ අපෙ සාදු නිවං දුර නිසාද?
මම ලෙඩ ඇදේ ... මරණෙ ඉන්නෙ ගන්න බලං
අම්ම අඩන්නෙ ඇයි මේ පිලිමෙට වැදං 
අඹපු රෑපෙට දැනේද අම්මගෙ හිතේ දුක"

"හිතෙ කහටක් නැත්තං කාටවත් ගිනි දෙන් නැත්තං
ඉන්නකං හොදින්නං ඇයි මං යන්නේ පන්සල් ගන්න සිල්,
ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙමද?

මේ මනසින් ගැලවෙන්න ... මනසින් හිතන්නයි ඕන"

මෙවැනි වදන් කනවැටෙන විට බුද්ධාගම අදහන පුද්ගලයින්ට නම් මෙය හුදෙක් එක් මිසදෙටුවෙකුගේ ක්‍රියාකාරකමක් ලෙස පෙනෙන්නට පුළුවන් නමුත් බුදුදහම පිළිපදින පුද්ගලයින්ට නම්, සප්ත ස්වරය යොදාගෙන නිමැවූ මෙය ඉතා උසස් ගණයේ නිර්මාණයකි.

Rap Style එකට කුණුහරුප දාගෙන Rap කරන සමහරක් සිටින වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ "චරිත අත්තලගේ, චන්ද්‍රසේන තලංගම, ධ්‍යාන් හේවගේ, Ravi Jay ගත්ත මේ උත්සහය අගය නොකර බැරිතරම්.

ගායනය : ධ්‍යාන් හේවගේරවී ජේ
පද රචනය : චන්ද්‍රසේන තලංගම
සංගීතය : චරිත අත්තලගේ
ග්‍රැෆික් : Randy Chriz Perera

දනුක ප්‍රශාන්


වෙනත් ලිපි

සමාජ සම්මතයද? තමන්ගේ ජීවිතයද?


Danuka Prashan Posted By

No comments:

Post a Comment