අහිමි වීම තුළින් ලැබෙන අවබෝධය







ගොඩාක් මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ ජීවිතය සාපෙක්ෂක තුළින් දකින්න. 90%ක් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ ජීවිතයට යම් යම් දේවල් එකතු කරගෙන, ගොඩගහගෙන, තමන් වටා පරිසරයක් හදාගෙන ඒක නඩත්තු කරගෙන ජීවත්වීමට. ඒ වපසරියට අයත් යම්කිසි දෙයක් අහිමි වුණාම ඒ පශ්වාත්තාපවීම නැති කරගන්න, ඒ අහිමි වුණු දේට සාපේක්ෂ දෙයක් ජීවිතයට ඒකතු කරගෙන ජීවත් වෙනවා.

කෙනෙක්ට පුළුවන්නම් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගන්න, අන්න ඒ පුද්ගලයට පුළුවන් ජීවිතයට උරුම අහිමීවීම් තුළත් නොසෙල්වී ඉන්න. 

පුද්ගලයෙක් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දුර්වල කරගන්නේ තමා වටේ තියෙන මේ බැඳීම් සමුදාය නිසා. ඒ බැඳීම් වල අස්ථිර භාවය තේරුම් නොගෙන, යම්දෙයක් අහිමි වූ විට තවත් ඒ හා සමාන සාපේක්ෂකයක් ජීවිතයට එකතු කරගන්නවා. එක බැඳීමක් කැඩෙනකොට ඒකට සාපේක්ශ වෙන බැඳීමක් හොයාගන්නවා. ඒ මඟින් අර මනසේ ඇති වුණ හිඩැස වහගන්න උත්සහ කරනවා. නමුත් ඒ හිඩැස තුළ තමන්ගේ ශක්තිය ගැබ්වෙලා තියන බව බොහෝ අය තේරුම් ගන්නෙ නෑ. සාපේක්ෂ මාරු කරමින් ජීවිතයේ ඇතිවන හිඩැස් වහගන්නවා.

අපිට අහිමිවන හැමදෙයක්ම අපේ ආධ්‍යාත්මික මනස ප්‍රබෝදමත් කරගැනීමට ආරම්භක ස්ථානයක් පෙන්වනවා. අපිට අහිමි වෙන හැමදෙයක්ම අපිට යමක් පෙන්වාදෙන්න උත්සහ කරනවා. නමුත් ඒක දකින්නේ කිහිප දෙනයි. බහුතරයක් කරන්නේ අහිමි වුදේට එවැනිම සාපේක්ෂකයක් හදාගෙන ජීවත් වීමක්. එවිට නැවතත් අනාගතයේ තවත් අහිමිවීමක් තිබෙන බව තේරුම් ගන්නේ නෑ. 


දනුක ප්‍රශාන්


Danuka Prashan Posted By

No comments:

Post a Comment