නැමී නළලත තබා වඳිනෙමු





ජීවිත කාලය පුරා අප කොතෙකුත් ගමන් ගොස් ඇත්ද? විනෝද චාරිකා, විදේශ සංචාර. නමුත් ඒ සෑම ගමනකටම වඩා සිතට සහනයක් ගෙනෙන වඩාත් බැතිබර වූ සොඳුරු ඇත්දැකීම් ලබාගැනීමට අවස්ථාවක් අපහට ලැබී තිබෙනවා. ඒ තමයි සිරිපා කරුණාව.



බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේදීම බණ අසා සෝවාන් වූ ශ්‍රි සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවක් පිළිඅරගෙන උන්වහන්සේගේ තෙවන ලංකා ගමනේදී තම වම් ශ්‍රී පාදයේ පා සටහනක් සමනල කන්ද මුදුනේ පිහිටුවිය. 

එතැන් පටන් ඒ උතුම් සිරිපා පියුම මත නළල තබා වන්දනා කර ගැනීම සෑම බෞද්ධයකුගේම සිහිනයක් විය. අතීතයේ පටන් සිරිපා කරුණාවත් සමඟ බැඳුනු සම්ප‍්‍රදායානුකූල සිරිත් විරිත් වගේම එයටම අනන්‍ය වූ වචන කිහිපයක්ද තියනවා. සිරිපා කරුණාව, කෝඩු කාරයන්, නඩේ ගුරා, සැහැල්ලුව ඒ වචන අතරින් කිහිපයක්

මෙය හුදෙක් තවත් එක් විනොද චාරිකාවක් කර නොගෙන මේ ගැන හරි හැටි තේරුම් ගෙන සිත කය වචනය සංවර කරගෙන සිරිපා කරුණා කරොත් බොහෝ පින් රැස් කර ගන්නත් අවස්ථාව උදා වෙනවා.

මේ පළමු වරට සිරිපා කරුණා කරන්නට යන කෝඩුකාරයන් වන අපගේ සිරිපා කරුණාවේ මතක සටහන් කිහිපයක්.


දොළොස් මහේ පහන

 දොළොස් මහේ පහන


ඉර සේවය

ඉර සේවය

සීත ගඟුල

සීත ගඟුල








දනුක ප්‍රශාන්

වෙනත් ලිපි




Danuka Prashan Posted By

No comments:

Post a Comment