දෛවය සහ Life එක


Image result for alone lion

දෛවය! සමහරු විශ්වාස කරන, සමහරු අවිශ්වාස කරන, සමහරු මිත්‍යාවක් ලෙස අර්ථදක්වන සංකල්පයක්. ජීවිතයේ අපට සිදුවන සමහර සිදුවීම් දෛවෝපගත සිදුවීම් කියල අපි කියනවා. හැමදේම සිද්ධ වෙන්නේ දෛවයට අනුව කියලා කියනවා. දෛවය කියලා දෙයක් නැහැ කියලත් සමහර අය කියන අතරේ තවත් අය කියනවා අපේ දෛවය ලියන්නේ අපිමයි කියලා.

ජීවිතයේ සිද්ධ වෙන සමහර සිදුවීම් දිහා බැලුවම දෛවය කියලා දෙයක් නැහැ කියන්නත් බැහැ.

දෛවය විසින් ඔබ ලවා යම් දෙයක් කරවන්න තියනවනම් ඒ දේවල් වලට ඔබව ඉබේම රැගෙන යනවා.සමහර අවස්ථාවල අපි මුකුත් නොකරම අපි නොහිතන තැන් වලට ජීවිතය අපව ගෙනියනවා. අපි විසින් කවදාකවත් යන්න බලාපොරොත්තු නොවූ මාවත් වල අපට ගමන් කරන්න වෙනවා.

අපි නොහිතන පුද්ගලයන් අප අතරින් වෙන්ව යනවා. අපි නොහිතන පුද්ගලයන් අපේ ජීවිත වලට ඇතුල්වෙනවා. යම් අවස්ථාවල එවන් පුද්ගලයින් අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.

අපි ගොඩාක් වෙලාවට කරන්නේ ජීවිතයේ සිද්ධවෙන මෙවන් අනපේක්ෂිත සිදුවීම් වලට ප්‍රතිචාර දැක්වීමක්. මේ දිහා බැලුවම ජීවිතය කියන්නේ පෙර සැලසුම් කරන ලද දෛවෝපගත  සිද්ධි සමුදායක් කියලා කියන්නත් පුළුවන්.

නමුත් ඒවට ප්‍රතිචාර දක්වන ආකාරය මුළුමනින්ම තීරණය කරන්නේ අපි. දෛවය සහ Life එක Balance කරගෙන ගෙනියන එක තියෙන්නේ අපේ අතේ.


Danuka Prashan Posted By

No comments:

Post a Comment